කුමාර් ගුණරත්නම් ඉන්නේ කොහේදැයි ඇහුවා



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ යැයි කියා පිරිසක් පන්නිපිටියේ පිහිටි සිය පක්ෂ කාර්යාලයට අද සවස පැමිණ කුමාර් ගුණරත්නම් සිටින්නේ කොහිදැයි තමාගෙන් ප්‍රශ්න කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා කියයි.

ඔහු කියා සිටියේ ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවයි.


එසේම තමාගේ කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය.


ඒ අනූව තමන් මේ පිළිබදව පොලිස්පතිවරයාට ලිපියකින් ඒ බව දැනුම්දුන් බව ඔහු කියා සිටියේය.


කෙසේ වුවද මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ඔය කියන සිද්ධිය හා පොලීසියේ නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.


ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රැදී සිටින පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් ලබාදුන් අතර ඔහුට අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ලියකියවිලි බාරගන්නා ලෙසට දැනුම්දී තිබිණ.


කෙසේ වෙතත් ඔහු එම දෙපාර්තමේන්තුවට ගොස් එකී ලියකියවිලි බාරගත් බවක් අද සවස් වන තුරු වාර්තා නොවුණි.


පහත දැක්වෙන්නේ අජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් පොලිස්පිතවරයා වෙත යැවූ ලිපියයි.





Post a Comment