වැදූ මවත් එසේ කරයි නම්!


සිය සිව්හැවිරිදි පිරිමි දරුවාට පිහියකින් පහරදී ඝාතනය කර අවසන එම මවද ගෙල වැලලාගෙන මියගිය ඛේදජනක පුවතක් වේයන්ගොඩින් වාර්තා වේ.


මෙම අපරාධය වාර්තා වන්නේ වේයන්ගොඩ, දඩගමුව ප්‍රදේශයෙනි.


මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 31 හැවිරිදි මවක් වන අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි ඇයගේ තවත් දරුවෙකු එම ස්ථානයෙන් පැනගොස් දිවිබේරාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


අද උදෑසන ඉහත සිද්ධිය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරයි.



Post a Comment