කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන අධිකරණයට


කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පරිසර සංවිධාන තීරණය කර තිබේ.


පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බවයි.


ඊට අමතරව දිවයින පුරා එම ව්‍යාපෘතිය නතර කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල ද නිරතවීමට බලාපොරොත්තු වන බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.


මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පළමු පියවර හෙට දිනයේ ආරම්භ කරන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.



Post a Comment