කිරිබත්ගොඩ ඕ.අයි.සී මාරු


කිරිබත්ගොඩ පොලිස් ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.පී.එස්. ප්‍රියන්ත මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.


පොලිස් පරීක්ෂක යූ.පී.එස්. ප්‍රියන්ත කිළිනොච්චිය පොලිස් කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


සේවයේ අවශ්‍යතා මත එම ස්ථාන මාරුව ලබා දී ඇති බවද එම කාර්යාලය පැවසුවේය.


පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් මෙතෙක් පත්කර නැතැයිද එම කාර්යාලය කීවේය.



Post a Comment