දුමින්ද අත්අඩංගුවට නොගැනීම ගැටළුවක් - අජිත් රෝහණගෙන් හිරුණිකාට උත්තර!


මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.


ඇය පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශන කටයුතු විනිවිධ භාවයකින් සිදුවිය යුතු බවයි.


දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නේ නම් ඔහුට විරුද්ධව තවත් චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.



Post a Comment