හත් ලක්ෂ පනස් දහසක් වටිනා යකඩ බට උස්සලා

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලැබුණු රුපියල් හත් ලක්ෂ පනස් දහසක්(7, 50 000 ක් පමණ වටිනා යකඩ බට තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් කිහිප දෙනෙකුට එරෙහිව මාතලේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

මාතලේ නගර සභාවේ විපක්ෂ නායක නන්දලාල් අළුවිහාරේ මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.


මාතලේ නගරාධිපති , මාතලේ ප්‍රාදේශිය සභා සභාපති සහ යටවත්ත ප්‍රාදේශිය සභා සභාපතිවරයාට එරෙහිව අදාළ පමිණිල්ල ඉදිරිපත් කළ බව නන්දලාල් අළුවිහාරේ මහතා කියා සිටියේය.


එම යකඩ බට මන්ත්‍රීවරුන් විසින් බෙදාගෙන ඇති බවට අදාළ පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබේ.



Post a Comment