තෙවරප්පෙරුම 6 තෙක් යළි රිමාන්ඩ්

මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ලබන මස 6 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මතුගම මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


මතුගම, අගලවත්ත නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබියදී එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබිණි.


එහිදී පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් විසින් එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට මුරුගන් පුෂ්පකුමාර නැමැති පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහරදීමක් සිදුකළ බව වාර්තා විය.


සිද්ධියේ සැකකාර තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



Post a Comment