නෙළුම් පොකුණ මාවත යළි ආනන්ද කුමාරස්වාමි මාවත වෙයි


කොළඹ 07 නෙළුම් පොකුණ මාවත ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස යළි නම් කර තිබේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අදාළ මාවත නම් කිරීම සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමත් සමග පැවති රජය විසින් ආනන්ද කුමාර්ස්වාමි මාවත නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කරනු ලැබුවේය.


කෙසේ වෙතත් විද්වතුන්, බහුජන සංවිධාන කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම මාවත නැවත වරක් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.


මාවත නම් කිරීමේ අවස්ථාව සඳහා කරු ජයසූරිය, විජයදාස රාජපක්ෂ, සුජීව ‍සේනසිංහ, ඩී.එම්. ස්වාමිනාදන්, නන්දිමිත්‍ර ඒකනායක ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙන්ම විද්වතුන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment