13 තෙක් කුමාර් පිටුවහල් කරනු බෑ-අධිකරණයෙන් නියෝගයක්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ලබන 13 වන දින තෙක් පිටුවහල් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට සූදානම් වන බවට පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණු බවත්, එබැවින් එසේ කිරීම නීති විරෝධී බවට නියෝගයක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.


එබැවින් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 13 වන දින තෙක් කුමාර් ගුණරත්නම් මහතා පිටුවහල් නොකරන ලෙසත්, එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළ බවත් සඳහන්ය.


සංචාරක වීසාවකින් මෙරටට පැමිණි කුමාර් ගුණරත්නම් මහතා ආගමන විගමන නීති උල්ලංඝණය කර ඇති බැවින් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මීට පෙරාතුව පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණු බව වාර්තා වේ.



Post a Comment