මහ වැසි නිසා පොළොන්නරුවේ ජලාශ වාන්දමයි


පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන් ගෙන තිබේ.


මේ හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.බී. කරුණාරත්න මහතා පැවසුවේය.


ඒ අනුව පරාක්‍රම සමුද්‍රයෙන් වාන් දොරටු 4 ක් අඟල් 6 බැගින් ද, මින්නේරිය ජලාශයේ වාන් දොරටු 7ම අඩිය බැගින් ද විවෘත කර වැඩි ජලය පිටතට මුදා හැරීමට කටයුතු කළ බව ආර්.එම්.බී. කරුණාරත්න මහතා සඳහන් කළේය.



Post a Comment