දරුවන්ට ශිෂ්‍යයත්ව දෙනවා කියා මුදල් එකතු කළ දෙන්නා මාට්ටු


ශිෂ්‍යයත්ව පදනමක් බව පවසා නීති විරෝධීව මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු සෙවණගල, මිහිඳුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ


පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ප්‍රදේශයේ දරු දැරියන්ට ශිෂ්‍යයත්ව ලබා දෙන බව පවසා ස්ටිකර් අලෙවි කරමින් මුදල් එකතු කර ඇති බවයි.


සැකකරුවන් සතුව තිබී රුපියල් 37,000 ක මුදලක් ද පොලීසිය භාරයට ගෙන ඇත.


සැකකරුවන් 26 වන වියේ සහ 63 වන වියේ පසුවන සෙවනගල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් අද අඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment