අල්ලස් කොමිසමේ ලොකු පුටුව වෙනස්වෙයි


අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.


ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ඇය ජනපති කාර්යාලයේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා අතින් ලබා ගන්නා ලදී.


අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ගනේෂ් ධර්මවර්ධන මහතාය.


ඔහු අධිකරණ අමාත්‍යංශයට මාරුකර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවට නව රජයේ ප්‍රධානීන් පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණ.



Post a Comment