තිස්ස අත්තනායක 11 තෙක් රිමාන්ඩ්

හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එහිදී කොටුව මහේස්ත්‍රාත් විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා ‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන ලදී.


එහිදී මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූයේ තිස්ස අත්තනායක මහතා විසින් ව්‍යාජ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.



Post a Comment