විනිසුරුවරුන් පත්කිරීමට හා ඉවත්කිරීම ගැන විනිසුරුවරු මෙසේ කියති

ඉහළ අධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සහ ඉවත් කිරීම සඳහා දැනට පවතින නීති ප්‍රතිපාදන අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වන අයුරින් ශක්තිමත් කළයුතු බව අධිකරණ සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සහ ලේකම් ධුරය දරණ විනිසුරුවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ පසුගිය දා රැස් වූ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමේදී තීරණ රැසක් ගත් බවයි.


ඒ අනුව ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධුරයේ පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය පිළිබඳ අධිකරණ සේවා සංගමයේ ප්‍රසාදය පළකර තිබේ.


43 වැනි අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා අනුගමනය කළ දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය දෝෂ සහගත, නීතියට පටහැනි සහ අධිකරණයේ ස්වාධීනත්වයට අනර්ථකාරී බව එම සංගමයේ ස්ථාවරයයි.


ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන් සාමාජිකත්වය දරන සංවිධානයකි.



Post a Comment