නීතිය හා සාමය ඇමතිට එරෙහිව විශ්වාස භංගයක්

වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අතරතුර සභාපති ත්‍යාගරත්න අල්විස් මහතාට එල්ලවූ ප්‍රහාරයට අදාළව නීතිය හා මහජන සාමය,ආපදා කළමනාකරණ,ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට අමාත්‍ය අමරතුංග මහතාගේ ක්‍රියා කලාපය හේතුවී ඇති බවටත්, එමගින් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.


අද (02) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


මේ අතර මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට අදාළව විපක්ෂය විසින් ඉල්ලා සිටින ලද විශේෂ විවාදය අද දින පැවැත්වෙන බවත්, එය රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.


මේවන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි පැළඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගිවී ඇති බවද සඳහන්ය.



Post a Comment