අලුත් අවුරුද්ද උදාවෙද්දී ගිනි අවියක් පෙන්නා යකා නටලා

නව වසර උදාවන අවස්ථාවේදී ගිනි අවියක් රැගෙන නිවසකට ගොස් ගෙහිමියන් බිය ගැන්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල - සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද අළුයම ගෙහිමියන් විසින් පොලිසියට බාර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.


සැකකරු සමඟ බෝර 12 ගිනි අවියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment