ආණමඩුවේ හංස රැලියට ප්‍රහාරයක් - 3ක් රෝහලේ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වු පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී ආණමඩුව නගර මධ්‍යයේ පැවති ජන රැලියකට සහභාගි වු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළේය.


ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.


සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment