ද්විත්ව පුරවැසිභාවය යළිත්

ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය කියයි.


ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබුණි.


විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරයාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යළිත් වරක් ද්විත්ව පුරවැසිභාවය ඍජුවම ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.


ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් එම අයදුම්පත් ඒ ඒ රටවල දූත මණ්ඩලවල අනුමැතිය සහිතව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු අතර ඉන් අනතුරුව ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට ද යොමු කෙරෙන බව අමාත්‍යාංශය පැවසුවේය.



Post a Comment