බංගදෙණියට විශේෂ කාර්ය බලකාය කැඳවයි

හලාවත, බංගදෙණිය ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබේ.

ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයෙකු මියගිය අතර තුවාල ලැබු තවත් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළේය.


මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හලාවත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙය පෞද්ගලික අමනාපකමක් මත ඇති වු සිද්ධියක් බව ද වාර්තා වේ.


ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්ය.



Post a Comment