වාද්දුව, වේරගම පාර ප්‍රදේශයේ අවන්හලකදී ඊයේ රාත්‍රී ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අවන්හලේ හිමිකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුද්ගලයා විසි හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසුවේය.
මියගිය පුද්ගලයා වාද්දූව උඩුගල්ල දකුණු තල්පිටිය අලුත් පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.
ඝාතන සැකකරු ද තුවාල ලබා නාගොඩ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
දෙපිරිස අතර ඇති වු පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බව වාද්දූව පොලීසිය සඳහන් කළේය.

Post a Comment