කහවත්තේ පසුගිය 3 වැනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අනෙක් මන්ත්‍රීන් දෙදෙනා වන කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා මහතා හා සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි යන අය ලබන 20දා දක්වා රිමාන්ඩ් කර තිබේ.
සැකකරුවන් දෙදෙනා අද නීතිඥයෙකු මාර්ගයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඔවුන් රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.
පසුගිය 3 වැනිදා සිදුවූ එම වෙඩි තැබීමෙන් විපක්ෂයේ ආධාරකරුවෙකු මියගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වූ හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටියි.
මේ අතර තැපැල්කරුවෙකුට පහරදුන් බවට චෝදනා ලැබූ ඌව පළාත් සභා ඇමති සෙන්දිල් තොණ්ඩමන් ද අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී ඇත.

Post a Comment