තාම ඇමතිධූර ගැන හිතලා නෑ

දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

නව රජයේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ජා කොට තීරණයක් ගැනීමට නියමිත බව හෙතෙම කියයි.


නව රජයේ වැදගත් තීරණ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන බවත්,දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට නව රජය කටයුතු කළ යුතු බැව්ද හෙතෙම පැවසුවේය.


දෙමළ ජාතික සන්ධානය අමාත්‍යධූර බාර ගැනීම ගැන තීරණය ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.



Post a Comment