විසි ලක්ෂයේ කොල්ලකරුවන් සොයා පොලිස් පරීක්ෂණ

කල්පිටිය - පුත්තලම මාර්ගයේ පනිඅඩිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු සතු රුපියල් ලක්ෂ විස්සක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ලය සිදුකර ඇති බව වාර්තා වෙයි.


කොළඹ මැනිං වෙළඳපොළේ ව්‍යාපාරිකයින් විසින් නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගන්නා එලවළු සඳහා ලබාදුන් මුදල් රැගෙන යමින් සිටියදී මෙලෙස කොල්ලකා ඇති බව සඳහන්ය.



Post a Comment