චීනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ආයෝජනය කරමින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
කෙසේ වුවද වත්මන් ෛමත්‍රිපාල සිරිසේන මහතාගේ රජය යටතේ එම සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන බවට ඉකුත් මැතිවරණ වේදිකාවල ද අදහස් පළවිණ.
චීනයත් ඉන්දියාවත් නැඟී එන ආර්ථිකයක් හිමි රටවල් අතර දකුණු ආසියානු කලාපයේ ප්‍රබල ස්ථානයක් ගෙන සිටින අතර ඉකුත් මහින්ද රාජපක්ෂ රජය අසල්වැසි ඉන්දියාවට වඩා චීනයේ බීජිං පාලනයට වඩාත් සමීප වූ බවට ද මතවාද පවති.
චීනයෙත් ඉන්දියාවේත් මෙම තරඟකාරිත්වය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව අතහැර චීනයට වඩාත් සමීප වීම නිසා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලි සබඳතා වලට බලපෑම් එල්ල වූ බවට මතවාද ඇත.
මෙවන් වාතාවරණයක් යටතේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය චීනය විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල පසුවිපරමක් කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බටහිර හා බොහෝ ආසියාතික රටවල්, චීනය සහ ශ්‍රී ලංකාව අතර පැන නගින මෙවැනි අවිනිශ්චිතතා දැකීමට කැමති අතර එයිනුත් ඉන්දියාව, විශේෂ තැනක් ගනී.
පසුගිය වසරේ සැප්තැම්බර් මස කොළඹ වරායට චීන යුද සබ්මැරීනයක් පැමිණීමේ සිද්ධිය හුවාදක්වන එම මාධ්‍ය පෙන්වාදෙන්නේ මෙම තත්ත්වය යටතේ ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික වෙනසකට නව රජය මුලපිරීමට ඉඩ ඇති බවයි.
මෙම සබ්මැරීනය පැමිණීම තුළ ඉන්දු ශ්‍රී ලංකා තවදුරටත් පළුදූ වූ බවටද මතයක් පවති.
කෙසේ හෝ මෑතකදී සිදුවූ වූ බල පෙරළියත් සමග චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරමින් පවතින මහපරිමාණ ව්‍යාපෘති සඳහා අභියෝග මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
විශේෂයෙන් ඇතැම් ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වැයවීමත් සමග එම ව්‍යාපෘති තවදුරටත් කරගෙන යන්නේද යන පසුවිපරම නව රජය විසින් ගැනීමට නියමිත බව එම වාර්තා කියයි.
මෙහිදී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි බවට නිගමනය කර ඇති පාරිසරික හානි හා එම ව්‍යාපෘතියේ විනිවිදභාවය ගැන ප්‍රශ්න මතුව ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන ද මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කර තිබේ.
කෙසේ වුවද නව රජය මේ දක්වා එම ව්‍යාපෘතිය අවලංගු කර නැත.

Post a Comment