ඉන්දීය සරණාගත කඳවුරේදී ලාංකිකයින්ට ප්‍රහාරයක්

ඉන්දියාවේ සරණාගත කඳවුරක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කණ්‍යාකුමාරි ප්‍රදේශයේ පිහිටි පෙරුමාල්පුරම් නැමැති සරණාගත කඳවුරේ රැදී සිටි කාන්තාවකට සහ ඇයගේ සහෝදරයා ඇතුළු පිරිසකට පහරදීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


යකඩ පොලු ඇතැතිව ඔවුන් රැඳී සිටින ස්ථානයට පැමිණි නාදුනන පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත.


පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අසරිපල්ලම් ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළත් කර තිබේ.


සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.



Post a Comment