ලෝක හොරෙක් අල්ලයි

ව්‍යාජ ඔප්පු සකස් කර කෝටි ගණනක මුදල් වංචා කරමින් ඉඩම් විකිණු පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේ නෝර්වේ රටේ පුරවැසි ලබාගත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.


පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් ව්‍යාජ ඔප්පු සකස් කොට දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඉඩම් මොහු විකුණා තිබේ.


මෙම පුද්ගලයාගේ ඉඩම් වංචාවකට අසුවී ඇත්නම් ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



Post a Comment