පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගන්න

පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා දිස්ත්‍රික් භාර සියලු සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.


මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු ප්‍රචණ්ඩකාරී සිදුවීම් 40ක් පිළිබඳ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


හලාවත බංගදෙණිය ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් ඒ අතර වේ.


ඊට අමතරව බැණවැදීම්, තර්ජනය කිරීම් ඇතුළු සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බව පොලීසිය පැවසුවේය.



Post a Comment