බඳින තුවක්කුව පත්තු වී අයෙක් මරුට

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගවයින් බැලීම සඳහා නිවස ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශය වෙත ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 54 හැවිරිදි අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment