නව ව්‍යවස්ථා කෙටුම්පත තව සති දෙකකින් එනවා

යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තව සති 02ක පමණ කාලයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.


දැනටමත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත සකස් කිරීම අවසන් අදියරේ පවතින බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.


එමගින් ස්වාධීන කොමිසන් සභා ආදිය යළි ස්ථාපිත කෙරෙන බව හෙතෙම සඳහන් කරයි.



Post a Comment