විදුලි සමාගමකට එරෙහිව යාපනයේ උපවාසයක්

යාපනය, චුන්නාක්කම් ප්‍රදේශයේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු පිරිසක් උපවාසයක නිරත වෙමින් තිබේ.

ප්‍රදේශයේ පාසැල් ගුරුවරු කිහිපදෙනෙක් ද ඊට සහභාගි වී සිටින බව සඳහන්ය.


යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක පෞද්ගලික විදුලි සමාගමකට විරෝධය දක්වමින් ඔවුන් මෙම උපවාසයේ නිරතව සිටින බව වාර්තා වෙයි.


මෙම සමාගමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පානීය ජලය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බව උපවාසකරුවන් පවසයි.


වගකිවයුතු බලධාරීන් මීට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන තෙක් උපවාසයේ නිරත වන බව ඔවුන් පවසයි.



Post a Comment