කොටි කො‍ඩි කොහේවත් නෑ - මේ යවන්නේ බොරු ප්‍රචාර

යාපනයේවත්, උතුරේවත් කිසිම සිද්ධියක් නෑ කියලා තමන් මහනායක හිමිවරුන්ට දැනුම්දුන් බව අගැමති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

දැනට එම ප්‍රදේශයේ ඉතාම සාමකාමි තත්ත්වයක් ඇති බවත්, ඒ ගැන තමන් අද උදේ යාපනය ප්‍රදේශය බාර නි‍යෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් වාර්තාවක් ලබාගත් බවත්, අගමැතිවරයා කියා සිටියේය.


“කොටි කොඩි කොහේවත් නෑ ද්‍රවිඩ සන්ධානයත් කොටි කොඩි ඔසවනවාට විරුද්ධයි නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඕනෑ කියලයි ඒ අය කියන්නේ” යැයි අගමැතිවරයා පැවසීය.


වැඩි විස්තර අවශ්‍ය නම් යාපනය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මැතිතුමාගෙන් ලබා ගත හැකි බව පැවසු අගමැතිවරයා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.



Post a Comment