බොරු ප්‍රචාරය කරන අය ගැන විමර්ශන කරනවා

යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යාපනය ප්‍රදේශයේ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පිළිබඳ වාර්තා නොවන බවයි.


පොලීසිය සහ හමුදාව යාපනය අර්ධද්වීපයේ උපරිම ආරක්ෂාව තහවුරු කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ප්‍රකාශ කළේය.



Post a Comment