පොලීසිය තෙවරප්පෙරුම සොයයි

අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහර දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියට අදාළ තිදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ ප්‍ර වෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේය.



Post a Comment