නව රජය විසින් අලුත් වැඩපිළිවෙළක් නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට ඉදිරිපත් කළ කරුණු පිළිබඳ පැහැදීමෙන් පසු වන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට තමන් වරින් වර දැනුවත් කර ඉදිරියට යන්නේ නම් දින 100 වැඩ සටහනට පූර්ණ සහයදීමට හැකි බව හෙතෙම අද (20)පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒක පාර්ශ්වික දේශපාලනයත් නැතිව ජනතාවගේ දුක් අදෝනාවන් රජයට පෙන්වාදෙමින්, අහිතකර දෙයක් වෙනවා නම් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.
ඒ නිසා විරුද්ධවාදීන් ලෙස සලකන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒවා විසංවාදයට ලක්කරමින් කටයුතු කරන ලෙස තමන් ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment