අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙහෙය වන දිව්‍ය පුජා යාගය මේ වයන විට පැවැත්වෙයි.
මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ ගාලුමුවදොර පිටියේ දී මෙය ආරම්භ කරන ලදී.
මීට සමගාමීව භාග්‍යවන්ත ජුසේවාස් පියතුමන් ශුද්‍රවරයට එසවීමද පාප්තුමන් විසින් සිදුකෙරෙනු ඇත.
මෙම දේවමෙහෙයට දෙස් විදෙස් කිතුනු බැතිමතුන් ලක්ෂ 04 කට අධික පිරිසක් සහභාගි වනු ඇති බවට වාර්තා වෙයි.
අනතුරුව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද මඩු දේවස්ථානය බලා ගමන් කිරීමට නියමිතය.
අද පස්වරුවේ පාප්වහන්සේ විසින් මඩු දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් ද පවත්වනු ඇත.
උන්වහන්සේ හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
උන්වහන්සේ සමුගැනීමේ උත්සවය හෙට උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පැවැත්වෙනු ඇති.

Post a Comment