පාප් වහන්සේගේ දේව මෙහෙය හේතුවෙන් පාර වැහෙන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ගාලුමුවදොර පිටියේ අද උදෑසන පවත්වනු ලබන දේව මෙහෙය හේතුවෙන් ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

අද උදෑසන 07 සිට දේවමෙහෙය අවසන් වන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඒ අනුව කොල්ලුපිටිය හංදියේ සිට ලේක්හවුස් වටරවුම දක්වාත්, බෞද්ධාලෝක මාවතත් පෙ.ව 7.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වසාතැබෙන බව හෙතෙම කියා සිටියි.



Post a Comment