මාවනැල්ල - අරණායක ප්‍රධාන මාර්ගයේ ලොල්ලෙගොඩ ප්‍රදේශයේ දී පාසැල් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.
අරණායක සිට පින්නවල දක්වා ධාවනය වු බස් රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් බස් රථයේ රියදුරු සහ පාසල් සිසුන් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන් අතර සිසුවියන් සිව්දෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මානවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment