දිවිනැඟුම සහතිකපත් හා ලිත් තොගයක් අම්පාරේ ගබඩාවකින් සොයාගැනේ

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගබඩාවක තිබී දිවි නැගුම හිමිකම් සහතිකපත් සහ ලිත් තොගයක් සොයාගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා විසින් අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසියක දී මේවා සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


දිවිනැඟුම සහතිකපත් 75,000ක් සහ ලිත් 65,000ක් මෙලෙස සොයාගෙන ඇත.


මේ සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල් අල්විස් මහතාගෙන් පොලිසිය සිදුකළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ අදාළ ද්‍රව්‍ය තොගය පසුගිය 02 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි කළමනාකරු වෙත ලැබී තිබූ බවයි.


ජනාධිපතිවරණ මැතිවරණ සමය හේතුවෙන් එම ද්‍රව්‍ය කිසිවක් බෙදා නොහරින ලෙසට තමන් උපදෙස් දුන් බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


දිවිනැඟුම හිමිකම් සහතිකපත් විශාල තොගයක් පසුගිය දිනවලත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයාගත් බව වාර්තා විණ.



Post a Comment