වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන කළුතර ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී ධනුෂ්ක වීරක්කොඩි මහතා රිමාන්ඩ් කර තිබේ.
ලබන 13 වැනිදා දක්වා සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් කරන ලෙසට අද කළුතර මහේස්ත‍්‍රාවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව පැවසූ නොවැම්බර් 21 වැනිදා පයාගල, මග්ගොන ප‍්‍රදේශයේදී බේරුවල ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී චමිල රණසිංහ මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනූව සකකාර ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයා පයාගල පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ චමිල රණසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

Post a Comment