අගමැති ලේකම් තනතුරට සමන් ඒකනායක පත්කෙරේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු සැලකෙන සමන් ඒකනායක මහතා පත් කර තිබේ.

යෞවන කටයුතු, ප්‍රවෘත්ති, කර්මාන්ත විදේශ කටයුතු යන අමාත්‍යංශ ගණනාවක ඉහළම තනතුරු දැරූ ඒකනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යා ගෞරව උපාධිධරයෙකි.


මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මහලේකම් ලෙසත් මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු ලෙසත් සේවය කර ඇති ඒකනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාස වැඩපිළිවෙළෙහි ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස නව තනතුර බාරගන්නා තෙක්ම කටයුතු කර ඇත.



Post a Comment