වයඹ ඇමතිට ඇප

අත්අඩංගුවට පත් වයඹ පළාත් සභා අමාත්‍ය සනත් නිෂාන්ත මහතා ඇප මත මුදාහැර තිබේ.

පොලිසිය පැවසුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය පැනවු බවයි.


ජනාධිපතිවරණ සමයේ පුද්ගලයෙකුට පහර දී මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිෂාන්ත මහතාට චෝදනා එල්ලවී තිබේ.


ඔහු ඊයේ(27) පෙරවරුවේ ආනමඩුව පොලිසියට බාර වුණි.


අනතුරුව පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට අදාළ පළාත් සභා අමාත්‍යවරයා පැමිණවු අතර එහිදි ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය.


ආනමඩුව නගරයේ දී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ කාර්යාලයකට පහර දි අලාභානි කර පුද්ගලයෙකුඅට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පළාත් සභා අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබුණි.


කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.


අදාළ නඩුව යලි ලබන මස 05 වැනි දින කැදවීමට නියමිතය.



Post a Comment