ලාංකික සරණාගතයාගෙන් 64 වියැති ඉන්දීය කතට අතවර

ඉන්දීය කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සරණාගත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ පෙරුමාල්පුරම් සරණාගත කඳවුරේ සිටි 25 හැවිරිදි ශ්‍රී ලාංකේය තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව “ ද හින්දු “ පුවත් පත වාර්තා කළේය.


සත්ත්වයින් රැකබලා ගන්නා 64 හැවිරිදි කාන්තාවක් අදාළ තරුණයා විසින් දූෂණයට ලක්කර ඇත.


අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment