ෆේස්බුක් පැමිණිලි 2250ක්

2014 වර්ෂය තුළ ෆේස්බුක් සමාජාල වෙබ්අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බවයි.


ලැබුණු පැමිණිලි වලට අනුව මේ වනවිටත් එලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුම් රැසක් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.


මේ අතර පසුගිය වසර තුළ අන්තර්ජාලය සම්බන්ධ වෙනත් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය.


ඔවුන් පෙන්වා දෙන්නේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ඊමේල් පණිවිඩ මගින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි බවයි.


ඊට අමතරව ඇතැම් වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසීය.



Post a Comment