ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වු අපේක්ෂකයින් 17 දෙනෙකුගේ ඇප රාජසන්තක වී තිබේ.
පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් සියයට එකට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත්වීම මෙයට හේතුවය.
ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු සහ පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වු අපේක්ෂකයින් 15 දෙනෙකුගේ ඇප මුදල් ප්‍රතික්ෂේප වී ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු තරග වැදුණි.
ස්වාධීන අපේක්ෂකයෙකුට රුපියල් 75,000ක් ද පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වු අපේක්ෂකයෙකුට රුපියල් 50,000ක මුදලක් ද ඇප වශයෙන් තැන්පත් කළ යුතුව තිබුණි.
ඒ අනුව ලක්ෂ 9ක මුදලක් රාජසන්තක වී තිබේ.

Post a Comment