වනරාජාවත්ත ප්‍රදේශයේ ගින්නක් - අක්කර 10ක් විනාශයි

හැටන්, වනරාජාවත්ත උඩකොටසේ ක්ෂේත්‍ර අංක අට කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කළේය.


පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ.


ගින්න ඇති වුයේ කෙසේ ද යන්න අනාවරණය වී නොමැති අතර හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment