මින්නේරිය වැවේ ජල කාන්දුවක්

මින්නේරිය වැව් බැම්මේ ජල කාන්දුවක් හට ගෙන තිබේ.

මින්නේරිය ‍දේවාලය අසළ වැව් බැම්ම කොටසෙහි මෙම ජල කාන්දුව හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


යුද හමුදා නිලධාරින් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව වැලි කොට්ට යොදා ජල කාන්දුව වැළැක්වීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව සඳහන්ය.


මින්නේරිය වැව පහල ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පි. කරුණාරත්න මහතා සඳහන් කළේය .


මින්නේරිය වැවේ වාන් දොරටු සියල්ල මේ වන විට විවෘත කර තිබේ.



Post a Comment