පෝස්ටර්, කටවුට්, බැනර් වලට එරෙහිව රෙගුලාසි මාලාවක්

පෝස්ටර්, කටවුට්, බැනර් වැනි ප්‍රචාරක මාධ්‍ය වලින් සිදුවිය හැකි දෘෂ්‍ය දූෂණ වැළැක්වීම සඳහා රෙගුලාසී මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ ප්‍රචාරක මාධ්‍යවලින් සිදුවන හානිය වැළැක්වීම සඳහා රෙගුලාසී මාලාවක් සකස් කරන ලෙස ඉල්ලා පරිසර විත්ති කේන්ද්‍රය ගොණු කළ පෙත්සමකට අදාළව කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment