කොළඹ කොටුව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
විදේශ මුදල් අතැතිව සිටි සැකකරු පිළිබඳ සැක සිතූ පොලිසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අදාළ සොරකම සිදුකළ බවට ඔහු පාපොච්චාරණය කර ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරු සතුව තිබී රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අදාළ පුද්ගලයා ඇතැම් දිනවල මත්කුඩු පානය කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවට ද පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු කොළඹ 07 , හැටේවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 40 කට අධික දේශිය හා විදේශිය මුදල් සොරාගෙන ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වන දා කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණි.

Post a Comment