තිස්සගේ හෙළිදරව්ව ව්‍යාජ එකක්

එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් හෙළි කරන ලද ගිවිසුම ව්‍යාජ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර කිසිඳු රහසිගත ගිවිසුමක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂය මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසුවේය


රජය විසින් ව්‍යාජ ගිවිසුමක් සකස් කර එය ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බව ඊයේ(22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේය.


ආණ්ඩුව ප‍්‍රසිද්ධ කර ඇති ගිවිසුම ව්‍යාජ එකක් බවත්, එහි අත්සන් පවා ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවත්, මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා අවධාරණය කළේය.


එහිදි මංගල සමරවීර මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් දැක්විය.


“ මෙම ගිවිසුමේ තවත් කැපී පෙනෙන වරදක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම උඩින් අත්සන් කරලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. විශේෂයෙන්ම ඉංග්‍රීසි ලියුමක තියෙන ඡායා පිටපතක් රැගෙන එය නැවතත් ඡායා පිටපත් කරලා. රනිල් වික්‍රමසිංහ මහතා සිංහල ලිපි ලේඛන අත්සන් තබන්නේ සිංහලෙන්. ඉංග්‍රීසියෙන් නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන කියන නමත් ළඟත් අත්සන් කරලා තියෙන්නේ ව්‍යාජ අත්සන්. විපක්ෂයේ පොදු අපේක්ෂක කියලා තියෙන්නේ. එතුමා කොහොදිවත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා කියලා කියා ගන්නේ නෑ.එහෙම තනතුරක් ඇත්තෙත් නෑ“



Post a Comment