තිස්ස මෛත්‍රීගේ පුටුවේ වැඩ බාරගනී

පසුගිය 8 වැනිදා ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් දිනයේ ‍මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයදීමට ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගෙන තිබේ.

අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඒ මහතා වැඩ බාර ගෙන ඇත.


මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.


එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු විපක්ෂයට එක්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට ගත් තීරණය නිසා ඔහු එම තනතුරින් ඉවත් කෙරිණ.



Post a Comment